ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

විශ්‍රාම වැටුප් ලැබීම් සහතික කිරීම / ජීවිත සහතිකය

(Attestation of Pension Receipts / Life Certificate)

සුදුසුකම්:  ප්‍රංශයේ සහ මෙම තානාපති කාර්යාලයට සමගාමී අක්තපත්‍ර හිමි ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවල පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්.

විශ්‍රාම වැටුප් ලැබීම් සහතික කිරීමේ හෝ ජීවිත සහතික ලබා ගැනීමේ ලේඛන සඳහා අයදුම් කිරීමේදී පහත සඳහන් ක්‍රම දෙකෙන් එකක් භාවිතා කළ හැක.

1. අංක 16 Rue Spontini,75016 Paris, France පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාර්යාලයට පැමිණ අයදුම් කිරීම

2. Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris යන ලිපිනය වෙත අවශ්‍ය සියලුම ලේඛන තැපෑල මඟින් එවීම.

ප්‍රංශයේ හෝ අදාළ අක්තපත්‍ර හිමි රටවල පදිංචි ශ්‍රී ලාංකික විශ්‍රාමිකයින්, ජීවිත සහතිකය හෝ විශ්‍රාම වැටුප් ලැබීම් සහතිකය ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලයට හෝ පෘතුගාලයේ හෝ ස්පාඤ්ඤයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල වෙත පෞද්ගලිකව පැමිණිය යුතුය.

විශ්‍රාම වැටුප් ලේඛන/ජීවිත සහතික සඳහා අයදුම්කරුගේ අත්සන සහතික කිරීම හෝ නිල ආකෘති පත්‍රවල අත්සන ප්‍රතිසහතික කිරීම සඳහා වන ගාස්තු, දූත මණ්ඩල ප්‍රධානියාගේ අභිමතය පරිදි නිදහස් කළ හැක.

අවශ්‍ය ලේඛන:

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් ලැබීම් / ජීවිත සහතික පෝරමය
  • වලංගු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය
  • ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත (තිබේ නම්)
  • ප්‍රංශයේ පදිංචි වීමට ඇති සුදුසුකම තහවුරු කරන ලේඛන
  • කොළඹ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද විශ්‍රාමික හැඳුනුම්පත