ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

ලේඛන නීත්‍යානුකූල කිරීම (Legalization of Documents)

ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ රජය විසින් නිකුත් කරන ලද ලේඛන නීත්‍යානුකූල කිරීම.

අයදුම්කරුවන් විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මගින් පසුගිය වසරක් ඇතුළත සහතික කරන ලද මුල් ශ්‍රී ලාංකික ලේඛන සහ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සහතික කරන ලද මුල් ප්‍රංශ ලේඛන ඉදිරිපත් කළ යුතුය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සහතික කර නොමැති ලේඛන ඉහත කාර්යයන් සඳහා භාරගනු නොලැබේ.

කරුණාකර Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris  හි පිහිටි තානාපති කාර්යාලය වෙත අදාළ සේවාව ලබාගැනීම සඳහා පැමිණීමට පෙර කොන්සියුලර් අංශය සමඟ පෙර වේලාවක් වෙන්කරවා ගන්න.

අවශ්‍ය ලේඛන:

01. ශ්‍රී ලාංකික ලේඛන (උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, දික්කසාද සහතිකය ආදිය) ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මගින් පසුගිය වසරක් ඇතුළත නීත්‍යානුකූල කරන ලද ලේඛන.

රජයේ ගාස්තුව: එක් ලේඛනයක් නීත්‍යානුකූල කිරීම සඳහා €41

02. ප්‍රංශ අපනයන ලේඛන (French Export Documents)  ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නීත්‍යානුකූල කරන ලද අපනයන ලේඛන.

රජයේ ගාස්තුව: එක් ලේඛනයක් නීත්‍යානුකූල කිරීම සඳහා €57

  1. ප්‍රංශ ලේඛන (ප්‍රංශ උප්පැන්න සහතික, ප්‍රංශ වෛද්‍ය සහතික ආදිය) ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නීත්‍යානුකූල කරන ලද ලේඛන.

රජයේ ගාස්තුව: එක් ලේඛනයක් නීත්‍යානුකූල කිරීම සඳහා €45

ගෙවීම් ක්‍රමය:

අයදුම්කරු තානාපති කාර්යාලයට පෞද්ගලිකව පැමිණෙන්නේ නම්, ගාස්තුව මුදලින් ගෙවිය හැකිය.

ණයපත් (Credit Cards), හරපත් (Debit Cards), පුද්ගලික හෝ ආයතනික චෙක්පත් භාරගනු නොලැබේ.

විශේෂ සටහන්:

  • නිවැරදි ක්‍රියාපටිපාටිය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමේදී අයදුම්කරු තම පුරවැසිභාවය පිළිබඳ තත්ත්වය ප්‍රකාශ කළ යුතුය.
  • කොන්සියුලර් නිලධාරියා හෝ පිළිගැනීමේ නිලධාරියා අයදුම්කරුට ඒ අනුව උපදෙස් ලබා දෙනු ඇත.
  • සම්පූර්ණ නොකළ අයදුම්පත් සහ අවශ්‍ය ලේඛන නොමැති වීම හේතුවෙන් ප්‍රමාදයන් ඇති විය හැක.
  • පරිවර්තන මුල් ලේඛන ලෙස පිළිගනු නොලැබේ.
  • සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසි මත ඉදිරිපත් කළ යුතුය.
  • තැපෑලෙන් යවන ලද ලේඛන අහිමි වීම හෝ ප්‍රමාද වීම සම්බන්ධයෙන් පැරිස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කිසිදු වගකීමක් භාර නොගනී.
  • අවශ්‍ය නම් කුරියර් සේවාව අයදුම්කරු විසින්ම සකස් කළ යුතුය.
  • රිසිට්පත නිකුත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක මුදල් ආපසු ගෙවනු නොලැබේ.
  • පුද්ගලික සහ ආයතනික චෙක්පත් භාරගනු නොලැබේ.
  • ප්‍රංශ රජය විසින් නිකුත් කරන ලද ලේඛන (උදාහරණ ලෙස Commission Reject, Notaire Affidavit සහ Attestation de Non-Recours) සත්‍යාපනය කිරීම Association Notariale de Gestion des Apostilles et Légalisations (ANGAL) ආයතනය මගින් සිදු කරනු ලැබේ.
  • වැඩිදුර තොරතුරු සහ ක්‍රියාපටිපාටි සඳහා අදාළ සබැඳිය භාවිත කරන ලෙස අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
  • පැරිස් නගරයේ පදිංචි අය සඳහා අමතර තොරතුරු පහත QR කේතය ස්කෑන් කිරීමෙන් ලබාගත හැකිය.
Content image
Content image