ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

බලපත්‍ර බලය පැවරීම / දිවුරුම් ප්‍රකාශය (Power of Attorney / Sworn Affidavit)

සුදුසුකම්: ප්‍රංශයේ සහ මෙම තානාපති කාර්යාලයට සමගාමී අක්තපත්‍ර හිමි ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවල පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්.

මෙම සහතික කිරීමේ සේවාව සඳහා අයදුම් කිරීමේදී පහත සඳහන් ක්‍රම දෙකෙන් එකක් භාවිතා කළ හැක.

1. අංක 16 Rue Spontini, 75016 Paris  හි පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ අයදුම් කිරීම. 

2. අවශ්‍ය සියලුම ලේඛන Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris යන ලිපිනය වෙත තැපෑල මඟින් යොමු කිරීම.  

වලංගු ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සහ වලංගු සංක්‍රමණ වීසා බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන්ට, ප්‍රංශයේ පැරිස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් නිලධාරියෙකු ඉදිරියේ පහත සඳහන් ලේඛන සඳහා අත්සන් තැබිය හැක:

  • බලපත්‍ර බලය පැවරීමේ ලේඛන (Power of Attorney)
  • දිවුරුම් ප්‍රකාශ (Affidavit)
  • ප්‍රතිඅත්සන් කළ යුතු ලේඛන
  • එකඟතා ලිපි (Consent Letters)

ප්‍රතිඅත්සන් කිරීම සහ දිවුරුම් ප්‍රකාශ (Countersign and Affidavit)

අවශ්‍ය ලේඛන:

  • අයදුම්කරුගේ තොරතුරු පෝරමය
  • අයදුම්කරුගේ අත්සන සහතික කළ යුතු ලේඛනය
  • අයදුම්කරුගේ වලංගු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ ඡායා පිටපත
  • අයදුම්කරුගේ වලංගු සංක්‍රමණ වීසා බලපත්‍රය සහ ඡායා පිටපත

අයදුම්කරු ද්විත්ව පුරවැසියෙකු නම්:

  • මුල් ද්විත්ව පුරවැසි සහතිකය සහ විදේශ ගමන් බලපත්‍රය හෝ
  • අයදුම්කරු ද්විත්ව පුරවැසියෙකු බව සඳහන් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපත

රජයේ ගාස්තුව: එක් ලේඛනයක් සඳහා යුරෝ 64

බලය පැවරීමේ ලියවිල්ල (Power of Attorney)

අවශ්‍ය ලේඛන:

  • අයදුම්කරුගේ තොරතුරු පෝරමය
  • අයදුම්කරුගේ අත්සන සහතික කළ යුතු Power of Attorney ලේඛනය (නීතිමය ආකෘතියට අනුව සකස් කළ යුතුය)
  • අයදුම්කරුගේ වලංගු ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයේ (Passport) මුල් පිටපත සහ එහි ඡායා පිටපත
  • අයදුම්කරුගේ වලංගු ආගමන වීසා (Immigrant Visa) මුල් පිටපත සහ එහි ඡායා පිටපත
  • අයදුම්කරු ද්විත්ව පුරවැසිභාවය (Dual Citizenship) හිමි අයෙකු නම් මුල් ද්විත්ව පුරවැසි සහතිකය (Dual Citizenship Certificate) සහ එහි ඡායා පිටපත හෝ විදේශ ගමන් බලපත්‍රය / ද්විත්ව පුරවැසිභාවය සඳහන් කර ඇති ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපත
  • වලංගු ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක්, ආගමන වීසාවක් හෝ ද්විත්ව පුරවැසි සහතිකයක් හිමි සාක්ෂිකරුවන් දෙදෙනෙකු (එම ලේඛනයෙහි මුල් පිටපත සහ එහි ඡායා පිටපත ඉදිරිපත් කළ යුතුය.)
  • රජයේ ගාස්තුව: එක් ලේඛනයකට €64

සටහන: ශ්‍රී ලංකාවේ නීතිඥවරයාගෙන් අවශ්‍ය Power of Attorney පිටපත් සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි උපදෙස් ලබාගත යුතුය. එක් එක් ලේඛනය සඳහා වෙන වෙනම ගාස්තු අය කෙරේ.

එකඟතා ලිපිය (Consent Letter)

අවශ්‍ය ලේඛන

  • අයදුම්කරුගේ තොරතුරු පෝරමය
  • එකඟතා ලිපි අයදුම්පත (Consent Letter Form)
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපත
  • මවගේ / පියාගේ ගමන් බලපත්‍රය, වලංගු වීසා බලපත්‍රය හා ඡායා පිටපත්
  • රජයේ ගාස්තුව: එක් ලේඛනයකට €64

බලය පැවරීමේ ලියවිල්ල, දිවුරුම් ප්‍රකාශ සහ අනෙකුත් ලේඛනවල අත්සන් සහතික කිරීම

ශ්‍රී ලාංකික නොවන අය හෝ සරණාගත (Refugee) වීසා හිමියන් සඳහා:

  • Power of Attorney, දිවුරුම් ප්‍රකාශ (Affidavit) සහ අනෙකුත් අත්සන් සහතික කළ යුතු ලේඛන නොටරිවරයෙකු (Notary) හෝ නීතිඥවරයෙකු (Lawyer) ඉදිරියේ අත්සන් කළ යුතුය.
  • එම ලේඛන අදාළ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ අදාළ රජයේ දෙපාර්තමේන්තුව මඟින් නීතිගත (Legalize) කළ යුතුය.
  • ඉන්පසු පමණක් සහතික කිරීම සඳහා පැරිස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

ගෙවීමේ ක්‍රම

අයදුම්කරු තානාපති කාර්යාලයට පෞද්ගලිකව පැමිණ අයදුම් කරන්නේ නම්, ගෙවීම මුදල් (Cash) මඟින් සිදු කළ හැක.

ණයපත් (Credit Cards), හරපත් (Debit Cards), පුද්ගලික හෝ ආයතනික චෙක්පත් භාරගනු නොලැබේ.

විශේෂ සටහන්

  • හමුවීමක් (Appointment) ලබාගැනීමේදී, අයදුම්කරු තම පුරවැසිභාවය පිළිබඳ තත්ත්වය නිවැරදිව ප්‍රකාශ කළ යුතුය.
  • ඒ අනුව කොන්සියුලර් නිලධාරියා හෝ පිළිගැනීමේ නිලධාරියා (Receptionist) නිවැරදි ක්‍රියාපටිපාටිය පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇත.
  • සම්පූර්ණ නොකළ අයදුම්පත් හෝ අවශ්‍ය ලේඛන නොමැති අයදුම්පත් ප්‍රමාද වීමට හේතු විය හැක.
  • පරිවර්තන ලේඛන මුල් ලේඛන ලෙස පිළිගනු නොලැබේ.
  • සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසියක ඉදිරිපත් කළ යුතුය.
  • තැපෑලෙන් යැවීමේදී ලේඛන නැතිවීම හෝ ප්‍රමාද වීම සම්බන්ධයෙන් පැරිස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වගකීම භාර නොගනී.
  • අවශ්‍ය නම් කුරියර් සේවාව අයදුම්කරු විසින්ම සළසා ගත යුතුය.
  • රිසිට්පත නිකුත් කිරීමෙන් පසු ගෙවූ මුදල් ආපසු ලබා නොදෙනු ලැබේ.
  • පුද්ගලික සහ සමාගම් චෙක්පත් කිසිදු අවස්ථාවක පිළිගනු නොලැබේ.