ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය
பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

ලේඛන පරිවර්තනය
සුදුසුකම්
ප්‍රංශය සහ මෙම තානාපති කාර්යාලයේ සමගාමීව අක්තපත්‍ර ලබා ඇති ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවල පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්.
මෙම සේවාව සඳහා අයදුම් කිරීමට පහත සඳහන් ක්‍රම දෙකෙන් එකක් භාවිත කළ හැකිය.
- අංක 16 Rue Spontini, 75016 Paris හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ අයදුම් කිරීම.
- අවශ්‍ය සියලු ම ලේඛන Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris තැපෑල මගින් යොමු කිරීම.
ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික සහ සෙවුම් ප්‍රතිඵල සහතික (Result of Search) අයදුම්කරුගේ ඉල්ලීම මත සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරනු ලැබේ.
අයදුම්කරුවන් විසින් වසරක් ඇතුළත ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මගින් නීත්‍යානුකූල කර ඇති මුල් ශ්‍රී ලාංකික ලේඛන ඉදිරිපත් කළ යුතුය.
තානාපති කාර්යාලය ප්‍රංශ ලේඛන පරිවර්තනය නොකරයි. කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණ සඳහා පමණක්, ප්‍රංශ පොලිස් නිෂ්කාශන සහතිකය (Police Clearance Certificate) සහ පුරවැසිභාවය ලබාගැනීමේ සහතිකය (Naturalization Certificate) ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබේ.
කරුණාකර කොන්සියුලර් අංශය සමඟ කලින් වේලාවක් (Appointment) වෙන්කරවා ගන්න.
ඉදිරිපත් කළ යුතු ලේඛන
උප්පැන්න සහතිකය / විවාහ සහතිකය / මරණ සහතිකය
(ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය වසරක් ඇතුළත නීත්‍යානුකූල කර තිබිය යුතුය)
- අයදුම්කරුගේ විස්තර පෝරමය
- පරිවර්තනය කිරීමට අවශ්‍ය ලේඛනය
රජයේ ගාස්තුව: €41
ප්‍රංශ පොලිස් නිෂ්කාශන සහතිකය සහ ප්‍රංශ පුරවැසිභාවය ලබාගැනීමේ සහතිකය
(ද්විත්ව පුරවැසිභාවය සඳහා පමණි)
ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම.
- අයදුම්කරුගේ විස්තර පෝරමය
- පරිවර්තනය කිරීමට අවශ්‍ය ලේඛනය
රජයේ ගාස්තුව: €41
පරිවර්තන ගාස්තු
- පළමු වචන 100 සඳහා: €25
- ඉන් අනතුරුව සෑම වචන 25කටම: €7
අවම රජයේ ගාස්තුව: €61
ගෙවීම් ක්‍රමය
අයදුම්කරු තානාපති කාර්යාලයට පෞද්ගලිකව පැමිණෙන්නේ නම්, ගාස්තු මුදලින් ගෙවිය හැකිය.
සටහන: ණයපත් (Credit Cards), හරපත් (Debit Cards), පුද්ගලික හෝ ආයතනික චෙක්පත් භාරගනු නොලැබේ.
විශේෂ සටහන්
- නිවැරදි ක්‍රියාපටිපාටිය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමේදී, අයදුම්කරු තම පුරවැසිභාවය පිළිබඳ තත්ත්වය ප්‍රකාශ කළ යුතුය.
- කොන්සියුලර් නිලධාරියා හෝ පිළිගැනීමේ නිලධාරියා අයදුම්කරුට ඒ අනුව උපදෙස් ලබා දෙනු ඇත.
- සම්පූර්ණ නොකළ අයදුම්පත් සහ අවශ්‍ය ලේඛන නොමැති වීම හේතුවෙන් ප්‍රමාදයන් ඇති විය හැක.
- පරිවර්තන මුල් ලේඛන ලෙස පිළිගනු නොලැබේ.
- සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසි මත ඉදිරිපත් කළ යුතුය.
- තැපෑලෙන් යවන ලද ලේඛන අහිමි වීම හෝ ප්‍රමාද වීම සම්බන්ධයෙන් පැරිස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කිසිදු වගකීමක් භාර නොගනී. අවශ්‍ය නම් කුරියර් සේවා අයදුම්කරු විසින්ම සපයා ගත යුතුය.
- රිසිට්පත නිකුත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.
- පුද්ගලික සහ ආයතනික චෙක්පත් භාරගනු නොලැබේ.